Skip links

Amazon Seller Account Deactivated Under Section 3 of Business Solutions Agreement

” Your Amazon.com Seller account has been deactivated in accordance with section 3 of Amazon’s Business Solutions Agreement.

You have a separate account Queen+CREATIONS which was enforced for violating one of our policies. As a result, you may no longer use the Queen+CREATIONS Selling account to sell on Amazon.com “

බොහෝ Amazon විකුණුම්කරුවන් මුහුණ දෙන ප්‍රදාන ගැටළුවක් තමයි Amazon හි ව්‍යාපාර විසඳුම් ගිවිසුමේ 3 වන වගන්තිය නොපිලිපැදීම හේතුවෙන් තමන්ගේ seller ගිණුම deactivated වීම.

මේ නිතිය මොකද්ද? මේකෙන් මොකද්ද වෙන්නේ. මේ ගැටලුව ආපු ගිණුම් ආයේ reactivated කරගන්න පුලුවන්ද?

මොකද්ද මේ නිතිය

මෙය amazon බහු ගිණුම් ප්‍රතිපත්ති යටතේ එන නීතියකි. මෙම ගැටලුව විසදන තුරු ඔයාලගේ Funds hold කරනවා වගේම ඔයාලගේ listing restricted වේ.

එනම් මෙම නිතිය අදාල වන්නේ එක amazon ගිණුමකට වඩා වැඩියෙන් බාවිතා කරන අයට පමණි. නමුත් එය බලපාන කොටස් තුනක් ඇත.

1. අපි එකම නමින් amazon seller ගිණුම් එකක් හෝ ඊට වැඩියෙන් නිර්මාණය කර ඇත්නම් මෙම ගැටලුව පැමිණේ.
2. මේ ගැටලුව බලපාන තවත් අවස්ථාවක් තමයි. අපි amazon හි us marketplace එකේ හැර අනිත් marketplace 13න් කුමන හෝ marketplace එකකට login වී කටයුතු කරගෙන යාම තුලින් මේ ගැටලුව එන්න පුළුවන්.
3. මිට අමතරව අපි us marketplace එකේ selling කරගෙන යන ගමන් අනෙක් ඕනෑම amazon global marketplace එකකට login වී තිබේ නම් මේ ගැටලුව ඉස්සරහදි එන්න පුළුවන්.

ඉහත සදහන් විදිහට ඔයාලගේ අතින් මේ වැරැද්ද වෙලා තියේනම් ඔයාලගේ දැනට selling කරගෙන යන ගිණුම හා අනෙකුත් marketplace සියල්ල deactivated වෙලා යනවා.

දැන් අපි කතා කරමු මේ විදිහට මේ ගැටලුව ආපු ගිණුම් ආයේ reactivated කරගන්න පුලුවන්ද කියලා.

මේ ගැටලුව ආපු ගිණුම් ආයේ අපිට reactivated කරගන්න පුලුවන්. එය කරන විදිහ කෙටියෙන් කිවුවොත්.

ඔයාලා seling කර ගිය ගිණුම හැර අනෙකුත් deactivate වූ ගිණුම් වෙත login වී .ඒ account වල red alert තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ ඒ ගිණුම් වල Taxs Forms හා Deposit හා Charge method සියල්ල ලබා දී එම red alert මුලින්ම ඉවත් කරගන්න ඕන.

ඊට පස්සේ බලන්න ඉහත deactivate වූ marketplace කුමන හෝ එකක ඔයාලගේ document ඉල්ලා තිබේද කියලා. එය හරියට පරික්ෂා කර බලන්න. එය හදුනා ගන්න පුළුවන් ක්‍රමයක් ලෙස අපේ email එකට මුලින්ම deactivate කියලා අපු marketplace එක තමයි බොහෝ දුරට අපෙන් document ඉල්ලනේ. අපිට එය email පරික්ෂා කරලා එය හදුනා ගන්න පුළුවන්.

දැන් බලමු අපේ account එක reactivated කරන්න මෙයාලා ඉල්ලන documents මොනවද කියලා.

id/ passport /driving license
bank statement or credit card statement
business registration (optional)
unility bil

ඉහත සදහන් කල documents ලබා දීම සිදුකළ යුතුය. ඒ වගේම මේ document verify කිරීම සදහා amazon health support team එකේ කෙනෙක් live video verification එකක් මගින් අපේ account එක පරික්ෂා කර ප්‍රශ්න කිහිපයක්ද අසා අපේ එම මුලින්ම deactivate වූ ගිණුම active කරනු ලැබේ.

මේ විදිහට මුලින්ම verify කරගත් ගිණුම හැර අනෙක් marketplace වලට සම්බන්ද ගිණුම් සියල්ලද අපිට manual reactivated කර ගැනීමට සිදුවේ. එය සිදු කරන්නේ මුලින්ම verify කර ගිණුමේ නම හා active කරගත් දිනය අනෙකුත් deactivate වූ ගිණුම් වෙත login වී එකින් එක appeal කිරීමෙන් එම ගිණුම් සියල්ල අපිට active කර ගත හැක.

මේ ආකාරයට ඔයාලගේ deactivate වූ seller ගිණුම නැවත reactivated කරන්න පුළුවන්.

මේ ගැටලුව ඔයාලට ඉදිරියේදී හෝ දැන් ඇවිත් තියේනම් මේ විදිහට කරලා ගොඩ දාගන්න පුළුවන්. ඒ වගේම මේ ගැටලුව ඇවිල්ලා හදාගන්න බැරුව ඉන්න කෙනෙක් ඉන්නවනම් ඒ අයටත් මේක Share කරලා එයාවත් ගොඩ දාන්න.

ජයවේවා !!!

Leave a comment

This website uses cookies to improve your web experience.
Explore
Drag